කටුනායකට ආ ගුවන් යානා 4ක් හරවා යවලා
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති දැඩි මීදුම් සහිත තත්ත්වයෙන් ගුවන්තොටුපොළේ ධාවන පථය නිසියාකාරව නොපෙනීම හේතුවෙන් එහි ගොඩබැස්වීමට පැමිණි ගුවන් යානා 4ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද අලුයම 5ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226, චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 සහ අලුයම 05.05ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.
ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට අද අලුයම 6.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ- 730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බව සඳහන්.
මෙසේ වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ සියලුම ගුවන් යානා අද උදෑසන 09.00 පමණ වනවිට යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.