පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීම ආයතන 04කින්

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීම ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති SLS – 1732/2022 සහිතකව ලද වෙළඳ ආයතන 04ක් මඟින් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එම ආයතන පාසල් වෙතම පැමිණ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා පැකට් ලබා දෙන බැවින්, එම ආයතන හැර වෙනත් කිසිදු ආයතනයකින් සනීපාරක්ෂක තුවා මිළදී ගත නොහැක බව සඳහන් වේ.
මෙම වැඩසටහන මෙම වසරේදී ක්‍රියාත්මක වනු ඇත.