පළමු සති තුනට ඩෙංගු රෝගීන් 3499යි
වසරේ පළමු සති 3 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3499 දෙනෙකු වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1576ක්.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 22 ක් දිවයිනෙන් හඳුනා ගෙන ඇති බවයි.