ටොෆි කාපු දරුවන් 25ක් ඇතුළු 30ක් හදිසියේ ලෙඩ වෙයි

හදිසියේ ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඉබ්බාගමුව පොලිගොල්ලේ ප‍්‍රසිද්ධ පාසලක දරුවන් 25 දෙනකු සහ වැඩිහිටියන් පස් දෙනෙකු පොල්ගොල්ල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
ගොකරැල්ල මහජන සෞඛ්‍ය කාර්යාලය සඳහන් කළේ, පාසල අසල පිහිටි කුඩා වෙළඳසලකින් ලබා ගත් ටොපි වර්ගයක් ආහාරයට ගැනීමෙන් අනතුරුව මේ තත්ත්වය හටගෙන ඇති බවය.
අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවන් හත් දෙනෙකු හා එක් වැඩිහිටියෙකු කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.
මෙම ටොපිය ආහාරයට ගැනීමෙන් හුස්ම ගැනීමේ අපහසුව, ක්ලාන්තය හා කැසීම ඇතුලූ රෝගී තත්ත්වයන්ට භාජනය වී ඇති බව සඳහන් වේ.
ටොපි ආහාරයට නොගෙන රෝගීන් අතපත ගෑ අයට මෙන්ම දරුවන් ඇල්ලූ අයටද එකී රෝගී තත්ත්ව ඇති වූ බවත් ඔවුහු පවසති.
පොල්ගොල්ල ප‍්‍රාදේශීය රෝහලට එම දරුවන් ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් පරීක්‍ෂා කළ වෛද්‍යවරයකුට හා සාත්තු සේවකයකුට ද එකී ආසාත්මිකතාවය ඇතිවී තිබේ.