පුංචි ඡන්දයේ අපේක්ෂකයන් 30 දෙනෙක් අත්අඩංගුවට

පළාත් පාන්න ඡන්ද විමසීමට අදාළව මේ දක්වාම මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 30 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය මාර්තු 03 වෙනදා සිට අද 28 උදෑසන 6 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව මෙම අපේක්ෂකයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාල කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 131 සහ වාහන 31 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම මැතිවරණ නැත උල්ලංඝනය කිරීමට අදාළ පැමිණිලි 313 ක්ද අපරාධමය පැමිණිලි 85ක්ද එම කාලය තුළ ලැබී ඇති බව පොලිසිය සඳහන් කළේය.
චන්දන ලක්මාල්