2025 වසරට රජයේ නිවාඩු 26ක්

වැඩිම නිවාඩු අප්‍රේල් මාසයේයි

2025 වසරට රජයේ නිවාඩු 26ක්

2025 වර්ෂයට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව වැඩිම නිවාඩු ගණනක් යෙදී ඇත්තේ, අප්‍රේල් මාසයටයි.

එම නිවාඩු ගණන 04ක්.

වසරේ පළමු පොහොය ජනවාරි මස 13 වන සඳුදා දිනයට යෙදී ඇති අතර ඊට පසුදින එනම් 14 වන අඟහරුවාදා දිනට තෛපොංගල් දිනය යෙදී තිබෙනවා.

එළැඹෙන වසරට අදාළව ප්‍රකාශ කර ඇති රජයේ නිවාඩු දිනයන් දැක්වෙන්නේ මෙලෙසින්.

ජනවාරි 13 සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
ජනවාරි 14 අඟහරුවාදා – තෛපොංගල් දිනය
පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය
පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි 26 බදාදා – මහ සිවරාත්‍රි දිනය
මාර්තු13 බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
මාර්තු 31 සඳුදා – ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)
අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පොහොය දිනය
අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් 14 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
අප්‍රේල් 15 අඟහරුවාදා – විශේෂ බැංකු නිවාඩු දිනය
අප්‍රේල් 18 සිකුරාදා – මහ සිකුරාදා දිනය
මැයි 01 බ්‍රහස්පතින්දා – ලෝක කම්කරු දිනය
මැයි 12 සඳුදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
මැයි 13 අඟහරුවාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
ජුනි 07 සෙනසුරාදා – ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)
ජුනි 10 අඟහරුවාදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජූලි 10 බ්‍රහස්පතින්දා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු 08 සිකුරාදා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් 05 සිකුරාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
සැප්තැම්බර් 07 ඉරිදා – බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 06 සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 20 සඳුදා – දීපවාලි උත්සව දිනය
නොවැම්බර් 05 බදාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 25 බ්‍රහස්පතින්දා – නත්තල් උත්සව දිනය

මේ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති 2025 වසරට අදාළ දින දර්ශනය පහතින් දක්වා ඇත👇🏻

Share This