ඊශ්‍රායල් ජාතිකයින්ගේ චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව

මෙරට රැඳීසිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් පොලිසිය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
ඒ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
පොලිස් වසම් කිහිපයක් තුළ ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථානවලට පවතින තර්ජනයන්ට සාපේක්ෂව අදාළ පොලිස් ස්ථාන මගින් මේ වනවිට පැය 24 පුරාම ආවරණය වනපරිදි ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවය.
එමෙන්ම දිවයිනේ රැඳිසිටින කවර හෝ විදේශීය ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් තර්ජනයක් පවතී නම් ඒ සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බව ද සඳහන් කරයි.