ශ්‍රී ලාංකීක සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනෙකු ඊශ්‍රායලයට

ශ්‍රී ලාංකීක සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනෙකු ඊශ්‍රායලයට

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළදී ලාංකිකයින් 259 දෙනෙකු සඳහා රැකියා හිමිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අප්‍රේල් මස 28 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත කාන්තාවන් 7 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම අද දින (25) සිදු කර ඇත.

මේ අතර, ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ රැකියා ලාභීන් 77 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීමද පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුකරන ලදී.

ඒ අතුරින් 28 දෙනෙකු අප්‍රේල් මස 28 දින හා තවත් 49 දෙනෙකු අප්‍රේල් මස 29 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිතය.

ඒ පිරිසත් සමගින් ලාංකිකයින් 180 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා හා නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන්නේ ඊශ්‍රායලය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් එම රැකියා ලබාගැනීම සඳහා වෙනත් පාර්ශවයන් වෙත මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

Share This