බිහිසුණු බස් රථ අනතුරකින් 21කට තුවාල

ආරච්චි කට්ටුවේ සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට විසිවී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 21 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
එම බස් රථයේ ඉදිරි දුනු කොළ කැඩී යාම හේතුවෙන් රියදුරු රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට විසි වී වෙළඳ සලකා ගැටී හා ගසක ගැටී මෙම අනතුර සිදුවී ඇත.
තුවාලකරුවන් හලාවත හා මුදලම රෝහල්වල ප්‍රතිකාර ලබන අතර කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ.
චන්දන ලක්මාල්