2026 විස්සයි-20 ලෝක කුසලානයේ ප්‍රවේශපත් අලෙවිය ඇරඹේ

(ඉෂාර ගයාෂාන්)
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ප්‍රවේශපත් අලෙවිය ඊයේ (11දා) ආරම්භ විය.
ඉන්දියාවේ ක්‍රීඩාංගණ 5ක් සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3ක් කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන 2026 විස්සයි-20 ලෝක කුසලානය 2026 පෙබරවාරි 7 සිට මාර්තු 8 වැනිදා දක්වා රටවල් 20ක සහභාගිත්වයෙන් පැවැත්වෙයි.
ශ්‍රී ලංකා පැවැත්වෙන තරගවල ප්‍රවේශපත්‍ර රුපියල් 1000 සිට ආරම්භ වන අතර ප්‍රවේශපත් https://tickets.cricketworldcup.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් මිලදී ගත හැකිය.
