2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව පසුකර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

2026 ජනවාරි 01 සිට මාර්තු 25 දක්වා කාලය තුළ සංචාරකයින් 708,348 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව සදහන් වෙනවා.  එම සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 139,164ක්. මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 74,295ක් සහ රුසියාවෙන් 63,505ක් පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.

එක්සත් රාජධානියෙන් 13,967ක්, රුසියාවෙන් 13,272ක්, චීනයෙන් 12,166ක් සහ ජර්මනියෙන් 10,523ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ ඇති අතර සංසන්දනාත්මකව බලන විට, 2025 වසරේ මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 229,298ක් බව වැඩි දුරටත් සදහන් වෙනවා.

Share This