2026 යල කන්නයට පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක්

කුඹුරු ඉඩම්වල  වී වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් වන පරිදි එක් ගොවියෙකු වෙත උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා මූල්‍ය සහනාධාර ගෙවීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම වී වගාව සිදු නොකරන කුඹුරු ඉඩම්වල කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කරනු ලබන හා කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන අයුරින් වගා කරනු ලබන වෙනත් ක්ෂේත්‍ර භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් බැගින් වන ලෙස එක් ගොවියෙක් වෙත උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා මූල්‍ය සහනාධාරයක් ගෙවීමටත් අනුමැතිය හි ඇත.
2025/2026 මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබාදීම පිණිස 2025.08.18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති අතර එම වැඩසටහන 2026 යල කන්නයේදීද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Share This