2026 පාසල් පළමු වාරයේ පළමු අදියර හෙට සිට

2026 පාසල් පළමු වාරයේ පළමු අදියර හෙට සිට

රජයේ පාසල් හෙට (21දා) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව 2026 පාසල් පළමු වාරයේ පළමු අදියර අද සිට පෙබරවාරි මස 13 වැනි දින දක්වා පැවැත්වෙන බවද එම අමාත්‍යාංශය කියයි.

පෙබරවාරි මස 14 වැනි දින සිට මාර්තු මස 2 වැනි දින දක්වා සිසුන්ට යළි නිවාඩු හිමිවන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි

මේ අතර පළමු වාරයේ දෙවන අදියර මාර්තු මස 3 වැනි දින සිට අප්‍රේල් මස 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.

Share This