2026 උසස් පෙළට අය­දුම් කිරීම අප්‍රේල් 24න් අව­සන්

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ 2026 විභා­ග­යට පෙනී සිටින සිසු­න්ගෙන් අය­දු­ම්පත් කැඳ­වීමේ අව­සන් දිනය අප්‍රේල් මස 24 වැනිදා බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා ලිය­නගේ මහ­ත්මිය පවසයි. මෙම අය­දු­ම්පත් කැඳ­වීම ඊයේ (24) ආරම්භ කෙරිණි.

පෞද්ග­ලික හා පාසල් සියලු අය­දු­ම්ක­රු­වන් මාර්ග­ග­තව පම­ණක් ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිස අදාළ උප­දෙස් අනුව නිවැ­ර­දිව අය­දු­ම්පත් යොමු කළ යුතුය. රජයේ හා රජයේ අනු­මත පෞද්ග­ලික පාස­ල්වල සිසුන් තමා ඉගෙ­නුම ලබන පාසලේ විදු­හ­ල්පති මඟින් ද, පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් තමා විසින් පෞද්ග­ලි­ක­වම ද අය­දු­ම්පත් යොමු කළ යුතු  බවට වැඩි දරටත් සදහන් වෙනවා.

රජයේ හා රජයේ අනු­මත පෞද්ග­ලික පාස­ල්වල විදු­හ­ල්ප­ති­ව­රුන් වෙත ලබාදී ඇති පරි­ශී­ලක නාම සහ මුර­ප­දය භාවිත කර­මින් අය­දු­ම්පත් යොමු කළ යුතු අතර පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් තම ජාතික හැඳු­නු­ම්පත් අංකය භාවිත කර තමා විසින් මාර්ග­ග­තව අය­දු­ම්පත් යොමු කළ යුතු බවද  පාසල් අය­දු­ම්ක­රු­වන්ගේ අය­දු­ම්පත් විදු­හ­ල්ප­ති­ව­රුන් විසින් ද, පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් තමා විසින්ම ද ඉදි­රි­පත් කිරී­මෙන් පසුව එහි මුද්‍රිත පිට­ප­තක් ලබා­ගෙන අවශ්‍ය අව­ස්ථා­වක දී ඉදි­රි­පත් කිරී­මට තමන් භාරයේ සුර­ක්ෂි­තව තබා ගත යුතු බවද අවධාරණය කරනවා.

අය­දු­ම්පත් භාර ගැනීමේ අව­සාන දිනය දීර්ඝ නොක­රන නිසා නිය­මිත දිනට පෙර විභා­ගය සඳහා ඉල්ලුම් කිරී­මට කට­යුතු කරන ලෙස ද විභාග කොම­සා­රි­ස්ව­රිය වැඩි දුරටත් පවසා සිටිනවා.

මේ සම්බන්ධව යම් විම­සී­මක් අවශ්‍ය නම් 1911, 0112785922, 0112784537, 0112786616, 0112784208 දුර­ක­තන අංක­ව­ලින් වැඩි දුර තොරතුරු විමසා දැන ගත හැකි ය.

Share This