2026 අප්‍රේල් 01 පුර පසළොස්වකදාට “Pink Moon” බලන්න

2026 වසරේ සිව්වන පසළොස්වක සඳ අප්රේල් මස 1 වනදා සහ 2 වනදා රාත්රී අහසේ දිස්වීමට නියමිතය. ‘Pink Moon’ හෙවත් ‘රෝස සඳ’ ලෙස මෙය හැඳින්වූවත්, සඳ සැබවින්ම රෝස පැහැයෙන් දිස් නොවන අතර, ක්ෂිතිජයට ආසන්න වන විට එය රන්වන් හෝ තැඹිලි පැහැයක් ගැනීමට ඉඩ ඇත. මෙම නාමය උතුරු ඇමරිකාවේ වසන්ත කාලයේ මුලින්ම පිපෙන ‘මොස් ෆ්ලොක්ස්’ (Moss Phlox) නමැති රෝස පැහැති වල් මල් විශේෂය පදනම් කරගෙන නිර්මාණය වී ඇත.
තවද, මෙම චන්ද්රයා ‘පාස්කු සඳ’ (Paschal Moon) ලෙසද හැඳින්වෙන්නේ එම වසරේ පාස්කු ඉරිදා දිනය තීරණය කිරීමට එය මහෝපකාරී වන බැවිනි.
Share This