2026 අප්‍රේල් මාසයේ සිට Messenger නවතියි

ලොව ප්රකට සමාජ මාධ්ය දැවැන්තයෙකු වන Meta සමාගම සිය ස්වාධීන Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්රේල් මාසයේ සිට ක්රියා විරහිත කිරීමට තීරණය කර තිබේ. මින් ඉදිරියට Messenger සේවාව ලබා ගැනීමට නම්  Facebook ප්රධාන වෙබ් අඩවිය (facebook.com/messages) හරහා යොමුවීමට සිදුවනු ඇත. 
Facebook ගිණුමක් නොමැතිව Messenger සේවාව පමණක් භාවිතා කරන පුද්ගලයින්ට මෙය සෘජුවම බලපාන කාරණයක් බවට පත්වනු ඇත. එවැනි පරිශීලකයින්ට මින් ඉදිරියට සිය පණිවුඩ පරීක්ෂා කිරීම සඳහා ජංගම දුරකථන යෙදුම (Mobile App) භාවිතා කිරීමට පමණක් අවස්ථාව හිමිවන අතර, වෙබ් අඩවිය හරහා පිවිසීමට ඇති අවස්ථාව අහිමි වේ.  සියලුම සේවාවන් Facebook ප්රධාන වේදිකාව සමඟ ඒකාබද්ධ කිරීමට Meta සමාගම උත්සාහ කරන පැහැදිලි වේ.
“Chat” ලෙස ආරම්භ වී පසුව වෙන්වූ Messenger සේවාව, නැවතත් සිය මව් ආයතනය වන Facebook සමඟම ඒ්කාබද්ධ වන බැව් මෙයින් පෙනී යනු ඇතැයි විශ්ලේෂකයන් පවසති.

Share This