2025 උසස් පෙළ අයදුම්පත් කැඳවීම හෙට සිට

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා වන අයදුම්පත්‍ර ජුනි මස 26 සිට ජූලි මස 21 වනදා දක්වා සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
සියලුම අයදුම්පත් මාර්ගත ක්‍රමය ඔස්සේ යොමු කළ යුතු බව සඳහන්වේ.
ඒ අනුව පාසල් අයදුම්කරුවන් විදුහල්පති මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය.
අදාළ අයදුම්පත් www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස ලබාදී උපදෙස් අනුව එය සම්පූර්ණ කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය නොවැම්බර් මස 10 වන දින සිට දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇත.