2025/26 මහ කන්නයේ සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීම ගැන දැනුම්දීමක්

2025/2026 මහ කන්නයේදී සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීම වෙනුවෙන් අදාළ දිස්ත්‍රික්කවල සිදුවූ හානි පරීක්ෂා කිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

වගා හානි සිදුවූ දිස්ත්‍රික්කවල හානි පරීක්ෂා කිරීම් කටයුතු මේ වන විට දිස්ත්‍රික් කාර්යාලවල ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසා සිටියි.

ඒ අනුව පොළොන්නරුව, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිදුව ඇති වගාහානි පරීක්ෂා කිරීම් සඳහා එම නිලධාරීන් විසින් පරීක්ෂා කිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයිද එම කටයුතු කඩිනමින් අවසන් කිරීමටද නියමිතව ඇති බවද එම මණ්ඩලය සඳහන් කරයි.

හානි පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් කළ විගසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් ලබාගෙන සත්‍ය වශයෙන් සිදුවූ හානි සඳහා කඩිනමින් අදාළ වන්දි ගෙවීමට කටයුතු කරන බවද එම මණ්ඩලය සිය නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා.

Share This