2025 විස්සයි-20 ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගණ මෙන්න

2025 විස්සයි-20 ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගණ මෙන්න

(ඉෂාර ගයාෂාන්)
2026 විස්සයි-20 ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගණ නම් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි-20 ලෝක කුසලානයට රටවල් 20ක සහභාගිත්වයෙන් පැවැත්වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්දියාවේ ක්‍රීඩාංගණ 5ක සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3ක තරග පැවැත්වෙයි. ඉන්දියාවේ අහ්මදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායිහීදී යන ක්‍රීඩාංගණ තරග පැවැත්වෙන බව නම් කර ඇති අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවල ක්‍රීඩාංගණ නම් කර ඇත්තේ මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස සහ පල්ලේකැලේ ක්‍රීඩාංගණය පමණි. ශ්‍රී ලංකාවේ තුන්වැනි ක්‍රීඩාංගණය තවමත් නම් කර නොමැත.
2026 විස්සයි-20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඉන්දියාවේ අහ්මදාබාද් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර පාකිස්තානය අවසන් මහා තරගයට තේරී පත් වුවහොත් කොළඹදී අවසන් මහා තරගය පැවැත්වෙයි.
ඉදිරියේදී නිල වශයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් 2026 විස්සයි-20 ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදැක්වීමට නියමිතය.

Share This