2025 දී විදේශ රැකියා 340,000 ක්
ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළ දී රැකියා සඳහා විදේශගත කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ, 2024 වසරේදී 311,000 ක් වූ විදේශ රැකියා ප්‍රමාණය 2025 වසරේ දී සියයට 12ක් වැඩිකරමිනුයි.
සභාපතිවරයා මේ බව සඳහන් කර තිබුණේ, ඊයේ (23) පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක දී යි.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ, නියාමනයන් සිදුකර නිවැරදිව රැකියා සදහා ජනතාව විදේශගත කළ යුතු බවත්, කාර්යාංශයේ නීති රෙගුලාසිවලට යටත්ව නිරතුරුවම කාර්යාංශයේ අභිමානය ද රැකගෙන කටයුතු කළ යුතු බවත් ය.
එමෙන්ම, විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් ඒජන්සි ආයතන වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවත්, මුදලට නොව මනුෂ්‍යත්වයට මුල්තැන ලබාදෙමින් ව්‍යාපාරයන් හි නිරතවන ලෙසත් එය විදේශ රැකියා ක්ෂේත්රයේ උන්නතිය උදෙසා දැඩි බලපෑමක් කරනු ඇති බවත් සභාපතිවරයා අවධාරණය කර තිබුණා.