1990 සුවසැරියට නව සභාපතිවරයෙක්

1990 සුවසැරියට නව සභාපතිවරයෙක්

1990 සුවසැරිය පදනමේ නව සභාපති ලෙස නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

ඊට අදාළ පත්වීමේ ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (06)  ජනාධිපති කාර්යාලයේදී ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ, ඒ.එම්.එන්. රත්නායක මහතායි.

කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා යන මහත්වරුන් ද පත් කර තිබෙනවා.

 

Share This