හුරුළුවැව රළපනාව අසල උණ්ඩ තොගයක්

හුරුළුවැව රළපනාව අසල උණ්ඩ තොගයක්

රඹෑව – සරත් දිසානායක, තිරප්පනේ සමන් පෙරේරා, ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව හුරුළුවැව දේවාලය අසල ඇති දිය නාන තොටුපළ ආසන්නයේ වූ රළපනාව අසළ තිබී උණ්ඩ තොගයක් (11දා) ගලෙන්බිඳුණුවැව පොලීය විසින් සොයාගෙන ඇත. එදින සවස 4. 30 ට පමණ හුරුළුවැවට දිය නෑම සඳහා පැමිණි තරුණයන් දෙදෙනකු මෙම උණ්ඩ තොගය දැක ඒ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු එම නිලධාරීන් විසින් මෙම උණ්ඩ තොගය පොලිස් බාරයට ගෙන තිබේ. මෙහිදී පොලිස් නිලධාරීන් පැවසුවේ මෙම උණ්ඩ මළ කා ඇති බැවින් ඒවා භාවිතයට නුසුදුසු තත්වයේ පවතින බවයි.
මෙලෙස සොයාගත් උණ්ඩ අතර ටී. 56 උණ්ඩ 21ක් GPMG අවිවලට සහ  MPMG අවිවලට භාවිතා කරන උණ්ඩ 33 ක්, 9MMපිස්තෝල අවි සඳහා භාවිතා කරන උණ්ඩවල හිස්කොපු 118 ක් හා දුම්බෝම්බයක් ද එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත. මීට පෙරද පසුගිය ජූලි මාසයේ දී හුරුළුවැවෙන් මෙලෙස උණ්ඩ තොගයක් සොයාගෙන තිබුණි.
සොයාගත් මෙම උණ්ඩ සහ දුම් බෝම්බය ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share This