100 වැනි වෙඩිල්ල තිස්සමහාරාමයෙන් අයෙක් මරුට

100 වැනි වෙඩිල්ල තිස්සමහාරාමයෙන් අයෙක් මරුට

(යක්කලමුල්ල – සඳනුවන් කීර්ති, කතරගම – අබේවික්‍රම වීරසිංහ, කතරගම – ආරියපාල රත්නායක)
තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ වෙඩි තිබීමේ සිද්ධයෙන් එක් පුද්ගලයකු මරණයට පත්ව ඇති අතර ඒ අනුව මෙම වසරේ ගතවූ කාලය තුළ දකුණ, බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිදුවීම් 100ක් සහ එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 51ක් මරණයට පත්ව තවත් 58 දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙම තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් අවුරුදු 58ක් පමණ වයසැති පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බෝර 12 පතුරම් යොදනා ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවද පොලිසිය සඳහන් කළේය.
පවුල් දෙකක් අතර පවතින ගැටලුවක් මුල්කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකකරන අතර පොලිසිය පවසන්නේ මේ වන විට මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි.

Share This