කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍යය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ලබන ඉරිදා (25) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වාද කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, මහරගම, දෙහිවල ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටවන බවයි එම මණ්ඩලය පැවසුවේ.

එම ප්‍රදේශවල සිටින ජනතාව අවශ්‍ය ජලය කල්තබා රැස් කර ගන්නා මෙන් ඉල්ලා සිටින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේය.

චන්දන ලක්මාල්

Share This