හමුදාවෙන් ඉවත් වූ 10,000ක් පොලිසියට

හමුදාවෙන් ඉවත් වූ 10,000ක් පොලිසියට

යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ 10,000 ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීම සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පැවසීය.

අමාත්‍යවරයා මේ ගැන සඳහන් කලේ තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලයක් විවෘත කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

වසරක පහක කාලයක් සඳහා බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවය.

වයස අවුරුදු45 ට අඩු යුද හමුදාවෙන් ඉවත් වූ පිරිස් සඳහා මෙම අවස්ථාව පවතින බව එම අමාත්‍යවරයා සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This