නිව්යෝර්ක් නගරයේ වෙඩි තැබීමක්
සිද්ධියෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබයි
අමෙරිකවේ නිව්යෝර්ක් නගරයේ ක්වීන්ස් හි අලුත් අවුරුදු දින රාත්රී කාලයේ සමූහ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඉන් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇති බවයි නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ.
බදාදා සවස පෞද්ගලික උත්සව සමාජ ශාලාවක් ඉදිරිපිට පිරිමි පුද්ගලයින් කිහිප දෙනෙක් මෙම සමූහ වෙඩි තැබීම සිදුකර ඇති අතර, එහිදී කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
මේ වනවිට ඔවුන් රෝහල්ගතව ප්රතිකාර ලබන නමුත්, කිසිවෙකු බරපතල තත්ත්වයේ පසු නොවන බවයි නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ.
පොලීසිය මෙය ත්රස්ත ප්රහාරයක් ලෙස හැන්දින්වීමේ හැකියාව බැහැර කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීම සිදු වූයේ අලුත් අවුරුදු දිනයේදී අමෙරිකා එක්සත් ජනපදයේ වෙනත් ප්රචණ්ඩ ක්රියා දෙකකට පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.
නිව් ඕර්ලියන්ස් හි, අලුත් අවුරුදු උත්සවකරුවන්ගෙන් පිරුණු වීදියකට ට්රක් රථයක් කඩා වැදී 15 දෙනෙකු මිය ගිය අතර, ලාස් වේගාස් හි ට්රම්ප්ට අයත් හෝටලයක් ඉදිරිපිට ටෙස්ලා ට්රක් රථයක් පුපුරා ගොස් එක් අයෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලැබුවා.
නිව් ඕර්ලියන්ස් සහ ලාස් වේගාස් සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් සොයා ගැනීමට සහ ත්රස්තවාදී කෝණ විමර්ශනය කිරීමට අමෙරිකා එක්සත් ජනපද බලධාරීන් කටයුතු කරන බව සඳහන්.
නව අවුරුදු උදාවත් සමග අමෙරිකාවේ සිදුවූ මෙම ප්රහාර පිළිබඳ පුවත් පහළින්
අමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් හි පිරිසක් අතරට වාහනයක් ධාවනය කෙරේ
නව අවුරුදු ප්රහාරකයාට ‘මරා දැමීමට ආශාවක්’ තිබූ බව බයිඩන් පවසයි
ඩොනල්ඩ් ට්රම්ප්ගේ ලාස් වේගාස් හෝටලය ඉදිරිපිට මස්ගේ රථයක් පිපිරෙයි