ෆුල් ටෑන්ක් ගැහුවොත් කෘතිම හිඟයක් නිර්මාණය විය හැකියි…
ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි අනියත බියෙන් පාරිභෝගිකයන් එකවර ඉන්ධන රැස් කිරීමට කටයුතු කළහොත් වෙළඳපොළ තුළ කෘතිම ඉන්ධන හිඟයක් නිර්මාණය විය හැකි බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පවසයි. තම වාහනවල ඉන්ධන ටැංකි උපරිමයෙන් පිරවීමට පෙළඹීම හරහා පවතින තොග ඉක්මනින් අවසන් වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
තෙල් සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවත් මේ වන විටත් මාසයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවත්, සිංගප්පූරුව සහ ඉන්දියාව වැනි රටවලින් සැපයුම් විධිමත්ව සිදුවන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරමින් කියා සිටී.
