හෝමුස් හරහා බැරලයකට ඩොලර් 1ක බද්දක් – ගෙවිය යුත්තේ Cryptocurrency වලින්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් සඳහා බැරලයකට ඩොලර් 1 බැගින් බද්දක් අය කරන බව ඉරානය නිවේදනය කර ඇත.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව, ඉරාන ඛනිජ තෙල් අපනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක හමීඩ් හොසෙයිනි ප්‍රකාශ කළේ, මෙම බද්ද තෙල් නැව්වලින් (Oil tankers) ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) මගින් අය කර ගන්නා බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සෑම යාත්‍රාවක්ම පරීක්ෂාවට ලක් කර ඒ අනුව ගාස්තුවක් අය කිරීමට ඉරානය අදහස් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
