හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ වෙත අද පැය 12ක ජල කප්පාදුවක් – ජාතික ජලාපවහන මණ්ඩලය
හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසනවා.
පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වන විට ක්‍රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අද උදෑසන 08.00ට අවසන් වන බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසා සිටිනවා.
ඒ්නු ව හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ සඳහා උදෑසන 08.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව එම මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරනවා.
ජල සැපයුම සීමා කිරීමට සිදුවූයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්
බව එම මණ්ඩලය කියා සිටිනවා.
