හොර නෝට්ටු හැමතැනම ගනුදෙනුවලදී පරිස්සමෙන් පොලිසිය කියයි

හොර නෝට්ටු හැමතැනම ගනුදෙනුවලදී පරිස්සමෙන් පොලිසිය කියයි

විනීතා එම්. ගමගේ
ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය පිළිබඳ පැමිණිලි ලැබෙන බැවින් මෙම උත්සව සමයේ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් පසුවන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මුදල් නෝට්ටුවක් පිළිබඳ සැකයක් ඇතිවුවහොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලිසියට පැමිණිලි කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් ඉල්ලා සිටියි.
මේ වසරේ සහ ඉකුත් 2024 වසරේ වැඩිපුරම ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇතැයි සැළකෙන්නේ රුපියල් පන්දහසේ නෝට්ටු බව ද හෙතෙම සඳහන් කරයි.
ඉකුත් වසරේ දී රුපියල් පන්දහසේ නෝට්ටු 596 ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර මේ වසරේ ගෙවී ගිය කාලය තුළ පන්දහසේ නෝට්ටු 535 ක් පොලිස් භාරයට ගෙන ඇත.

Share This