හොර අංක සහිත සැප වාහනයක් පැද්ද දොස්තර නෝනා අත්අඩංගුවට

(සෙනාෂ් කොළවත්ත-සමන් ගමගේ)
ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ එම රථය පදවාගෙන ගිය වෛද්‍යවරියක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළ ශ්‍රී සුමංගල මාවතේ පදිංචි 48 හැවිරිදි වෛද්‍යවරියකි.
පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී වෛද්‍යවරිය පවසා ඇත්තේ එම මෝටර් රථය තම සැමියාට අයත් එකක් බවයි.
සිද්ධිය පිළිබඳව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් සිදුකරයි.