හෙක්ටයාර් 30,000ක වී අස්වැන්න සමඟ මුලතිව් අලුත් සහල් මංගල්‍යය උත්සවශ්‍රීයෙන්..
2026 මාර්තු 23 දින මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටාපලෙයි ප්‍රදේශයේ කන්නගි අම්මාන් කොවිල අභියසදී අලුත් සහල් මංගල්‍යය උත්සවය සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි.
නව වසර සඳහා නෙළාගත් අලුත් සහල් භාවිතයෙන් හින්දු චාරිත්‍රානුකූලව කිරි සහ හකුරු මිශ්‍ර කිරිබතක් සහ එළවළු මිශ්‍ර බතක් සකස් කර දෙවියන් වෙත පිදීම මෙහි ප්‍රධාන අංගයක් ලෙස සිදු කෙරිණි. සෑම වසරකම පැවැත්වෙන මෙම සම්ප්‍රදායික උත්සවය ගොවි ජනතාවගේ ආගමික හා සංස්කෘතික ජීවිතයේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.
මෙවරද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් හින්දු චාරිත්‍රානුකූලව පිසින ලද කිරි සහ හකුරු මිශ්‍ර කිරිබත දෙවියන් වෙත පූජා කිරීම සිදු කරමින් උත්සවයේ කටයුතු ආරම්භ කරන ලදී.
මුලතිව් දිස්ත්‍රික්කයේ මෙවර වගා කාලයේදී හෙක්ටයාර 30,000කට ආසන්න ප්‍රමාණයක වී වගා කර ඇති බව සඳහන් වේ. මෙම අලුත් සහල් මංගල්‍යය එම අස්වැන්නට ස්තූති පුද කිරීමක් ලෙසද සැලකේ.
මෙම අවස්ථාවට මුලතිව් ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් එෆ්. කෙනීජුඩ් මහතා ඇතුළු ගොවිජන සේවා නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
