හුන්නස්ගිරිය ඇල්ලෙන් පහළට වැටී පාසල් සිසුවා ජීවිතක්‍ෂයට

හුන්නස්ගිරිය ඇල්ලෙන් පහළට වැටී පාසල් සිසුවා ජීවිතක්‍ෂයට

-මහනුවර – එස්. කේ. සමරනායක-
මිතුරන් සමඟ මාතලේ ඇල්කඩුව හුන්නස්ගිරිය වත්තේ දිය නෑමට ගිය මහනුවර ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙක් (12 දා) දිය ඇල්ලෙන් පහළට වැටී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මහනුවර සුමංගල විද්‍යාලයේ ඉගෙනුම ලබන තරුෂ්ක නවීන් ඒකනායක (19) නමැති සිසුවෙකි.
මෙහිදී තවත් ශිෂ්‍යයන් දෙදෙනෙක්තුවාල ලබා ඇති අතර ඔවුන් මාතලේ රෝහලට ඇතුළත් කර ඇත.
ඇල්ල මතට නඟින්නටට යද්දී පය ලිස්සා යෑමෙන් මෙම සිද්ධිය වී ඇතැයි කන්දෙනුවර පොලිසිය කියයි.

Share This