හිටපු හිමිනම උපැවිදි වී පන්සලෙන් සොරාගත් බඩු විකුණන්න යද්දී අහුවෙලා

(පොල්පිතිගම – නන්දන කැලේගම)
මලියදේව මහ රහතන් වහන්සේ ඇතුලු රහතන් වහන්සේලා වැඩ සිටිය බවට ප්‍රසිද්ධියක් උසුලන ඓතිහාසික ගණේකන්ද මණඩළාරාම විහාරස්ථානයේ තිබු අටපිරිකර ඇතුලු ලක්ෂ දහයකට වඩා වටිනාකමින් යුත් දේපොල සොරා ගෙන එහි වැඩ සිටි තරුණ හිමිනම උපැවිදි වී ඒවා අලෙවි කිරීමට යමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොල්පිතිගම පොලීසීය සමත් වී තිබේ.
සොර බඩු ප්‍රවාහනය කළ ලොරි රථය හා ඊට අනුබල දුන් ලොරි රථයේ රියැදුරාද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුදබිමේ තිබු තායිලන්ත අටපිරිකර ඇතුලු වටිනා සියලු දේ සොරා ගෙන ගොස් ඇති බවට ඉකුත් 10 වැනිදා පැමිණිල්ලක් ලැබී තිබුණු බවද පොලීසිය සදහන් කරයි.
ලොරි රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි මණ්ඩලාරාමයේ වැඩ සිටි මහියංගණයේ නාහික හිමි උපැවිදි වී කලිසමකින් හා කමිසයකින් සැරසී වෙස් වලාගෙන සිටි බවත්, සොරා ගත් බඩුවලින් කොටසක්ද ලොරි රථයේ තිබී සොයා ගත් බවත් පොලීසිය සදහන් කරයි.
සැකකරුවන් අද (21) දින මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.පී.කේ. ගාල්ලගේ, මහව සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් ගාල්ලගේ මෙහෙයවීමෙන් පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පී.එම්. බණ්ඩාර ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක හේරත්, උප පොලිස් පරික්ෂක තෙන්නකෝන්, පොලිස් සැරයන්වරුන් වන අනුර (33693), ඒකනායක (36775), සංජීව (70792), හේරත් (17688),ජනක (77427) හා ධනුෂ්ක (79678) යන අය සැකකරුවන් හා සොර බඩු සොයා ගැනීමට සහභාගි වුහ.
සිද්ධිය පිළිබඳ පොල්පිතිගම පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.