හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වෙයි

(ඉෂාර ගයාෂාන්)
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද (10දා) අභාවප්‍රාප්ත විය. මිය යන විට 64 වැනි පසු විය.
1986 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගත් වර්ණවීර මහතා පන්දු යවන්නෙක් ලෙස ඉහළ දක්ෂතා ඇත.
ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා විට ටෙස්ට් තරග 10කදී කඩුලු 32ක් සහ එක්දින තරග 6කදී කඩුලු 6ක් දවා ගෙන ඇත.
වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.