හිටපු ජනාධිපති මෛත්‍රිත් නිල නිවසේ බඩු හිස් කරයි

(සෙනාෂ් කොළවත්ත)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහු පදිංචි නිල නිවෙසේ බඩු භාණ්ඩ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අද හෙටම නිල නිවෙසින් ඉවත්ව යන බව ඔහු පවසයි.
හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබූ පනතකට අනුව හිටපු ජනාධිපතිවරුන්ට කැබිනට් ඇමැතිවරයකුට හිමි වරප්‍රසාද හිමිකර දී තිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. වර්තමාන ආණ්ඩුව ඇවිත් අපට යන්න කියලා කියන බවත් ඒ අනුව නිල නිවෙසින් ඉවත්ව යන බවත් ඒ මහතා සඳහන් කළේය. ඒක ප්‍රශ්නයක් නොවන බවත් නිවෙසින් පිටත්වන අවස්ථාවේ කිසිවෙක් නිවෙස අසලට ගෙන්වන්නේ නැතැයි ද හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.