හිටපු ජනාධිපති ඉන්දියාව බලා පිටත්ව යයි

හිටපු ජනාධිපති ඉන්දියාව බලා පිටත්ව යයි

(කටුනායක ටී.කේ.ජී.කපිල)
හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය නිලධාරිවරයා ද සනාථ කළේය.
ඔහු සමග මෙම ගුවන් ගමන සඳහා ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එක්ව සිටින්නීය.
මෙම ගුවන් ගමන සඳහා ඔවුන් අද (21) දින අලුයම් කාලයේම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔවුන් අද (21) දින උදෑසන 08.40ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියහ.
එසේම අද (21) දින රජයට විරෝධතාවය පළ කිරීම සදහා කොළඹ නුගේගොඩ දී රැළියක් පැවැත්වීමට නියමිතය.

 

Share This