හිටපු ජනපති වරුන්ගේ හිමිකම් අහෝසියි

හිටපු ජනපති වරුන්ගේ හිමිකම් අහෝසියි

-ශිරාන් රණසිංහ-
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේ වැඩි ඡන්ද 150කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) සම්මත විය.
ඒ අනුව එම පනතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විරුද්ධව එක් ඡන්දයක් ලැබිණ. සමගි ජන බලවේගය ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයකුට හෝ ජනාධිපති වැන්දඹුවකට සපයනු ලබන යම් නිවෙසක් හෝ ගෙවන ලද මාසික මදීනාව, ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්, හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ගේ මාසික විශ්‍රාම වැටුප මෙම පනත සම්මතවීමෙත් සමග අහිමිවනු ඇත.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සභාවට නිවේදනය කළේය.
ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල එකම මන්ත්‍රිවරයා වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දිසානායක මහතා පමණි.

Share This