හිටපු ජනපති ලේකම් සමන් ඒකනායකට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් සමන් ඒකනායක මහතා රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (18) නියම කළේය. සිද්ධියට අදාල නඩු විභාගය ලබන අපේ‍්‍රල් මස 29 යළිත් කැඳවනු ලබනවා.
ලේකම්වරයාට මෙලෙස ඇප නියම වූයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දූර කාලයේදී සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ පෞද්ගලික සංචාරයක උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිදුවීමකට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියටයි.
