හිටපු කොස්තාපල් අයිස් එක්ක මාට්ටු
ශ්‍රී පුර නගරයේ දී හිටපු පොලිස් කොස්තාපල්වරයකු අයිස් නමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 185ක් සන්තකයේ තබාගෙන රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය කියයි. පොලිසිය වැඩිදුරටත් පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරු සේවයෙන් ඉවත් කර ඇති අයකු බවයි . සැකකරුගේ බිරිය ද කාන්තා පොලිස් පරීක්ෂකවරියක් බවද වාර්තා වෙයි. ශ්‍රී පුර පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය පොලිස් විශේෂ කාර්යාංශයේ ශ්‍රී පුර උප ඒකකයට ලද තොරතුරක් මතය . සැකකරු ශ්‍රී පුර පොලිස් වසමේ වෙහෙරගොඩ ප්‍රදේශයේ සැලුනයක් පවත්වාගෙන යන අතර අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් එම සැකකරු කැබැතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී පුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි .
