හිටපු අයටත් ඉන්න අයටත් අදින් පසු විශ්‍රාම වැටුප් නෑ – අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර
වර්තමානයේ පාර්ල්මේන්තුවේ සිටින සහ හිටපු කිසිම මන්ත්‍රිවරයකුට මින් ඉදිරියට විශාම වැටුප් හිමිකම් නොලැබෙන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර අවධාරණය කළේය.
මෙම තීරණය පාර්ලිමේනතුවේ සිටින මන්ත්‍රිවරුන්ට පමණක් නොව මීට පෙර පාර්ලිමේනතුව නියෝජනය කර දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රිවරුන්ට ද අදාළ වන පරිදි ක්‍රියාත්මක වේ.
මෙතෙක් ලබාගත් විශ්‍රාම වැටුප් මුදල් නැවත අය කර ගැනීමක් සිදු නොකරන බවත්, නමුත් අද දින සිට එම ගෙවීම් නතර වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
