හැමදාම එකම විදියට කන බඩඉරිඟු, මෙහෙමත් කාලා බලන්න
බඩඉරිඟු කියන්නෙ රස ගුණ පිරුණු හරි අපූරු කෑමක්.
බඩ පිරෙන්න බඩඉරිඟු කන්න පුළුවන්. ඒ තරමට මේවා රසවත්.
බඩඉරිඟු වඩාත් ජනප්‍රිය තැම්බූ ආකාරයෙන් ගන්නා ආහාරයක් හැටියට. ඒ වගේම පුළුස්සන ලද බඩඉරිඟුත් තරමක් ජනප්‍රිය යි.
මේ දෙවිදියට විතරද බඩඉරිඟු කන්න පුළුවන්. ඊට වඩා ක්‍රම ඇත්තෙම නැද්ද ??
එහෙම හිතුණ අවස්ථා ඔයාටත් ඇති නේද.
එහෙනම් මේ රස කතාව ඔයාට. අපි මේ කියන්න සැරසෙන්නේ බඩඉරිඟු රහ කරන්න පුළුවන් විවිධ වූ ක්‍රම ගැන…
බඩඉරිඟු ව්‍යංජනය >>
බඩඉරිඟු කියන්නෙ රසවත් ව්‍යංජනයක් හැටියට සැකසිය හැකි ආහාරයක්.
සාදන ආකාරය :
මුලින්ම සාමාන්‍ය විදිහට බඩඉරිඟු තම්බාගෙන කැබලිවලට කපන්න.( එක් කරලක් කෑලි තුනකට වගේ )
දැන් මේ කැබලි කරගත් බඩඉරිඟුවලට මිරිස්, තුනපහ, කහ, ලුණු, උලුහාල්, සුදු ලූණු, රතු ලූණු ආදි සියලුම කළමනා එක්කාසු කරගන්න.
දැන් පොල්තෙල් ස්වල්පයක් ලිප තබා එය පැසෙන විට කපාගත් ඉරිඟු කරල් තුනහප තෙම්පරාදු කරන්න. (ජලය ද අවශ්‍ය පමණ එකතු කර ගන්න )
මෙය අවශ්‍ය ප්‍රමාණයට හිඳුණු පසු ඊට මිටිකිරි එකතු කර එය පැසෙන විට බිමට ගන්න.
තම්බන ලද බඩඉරිඟු >>
තැම්බූ බඩඉරිඟු ලුණු දියර ඉස ආහාරයට ගැනීම වඩාත් ප්රකටයි.
නමුදු චීස්, බටර් වැනි දෑ තුළිනුත් බඩඉරිඟු වඩාත් රසවත් කරගන්න පුළුවන්.
එහෙමත් කාලා බලන්න… එකම විදියට කනවට වඩා වෙනසක් දැනේවි.
ක්‍රිස්පි කෝන් >>
හොඳින් තම්බන ලද ඉරිඟුවලට කෝන්ෆ්ලා එකතු කරන්න.
රස අනුව ලුණු ද එකතු කරගන්න.
ඉරිඟු ටික කෝට් වෙන විදියට හොඳට කලවම් කරගන්න.
භාජනයකට තෙල් දමා එය රත්වන විට ඊට ඉරිඟු ටික එකතු කර බැදගන්න.
රන්වන්පාට වූ පසු එය ලිපෙන් බාගන්න. තෙල් බේරෙන්න තබා දෙහි ඉස්ම එකතු කරන්න.
වෙනම බඳුනකට මිරිස්කුඩු, ලුණු දමා කලවම් කරගන්න.
දැන් මේ මිශ්‍රණය බැදගත් ඉරිඟුවලට දාමා කලවම් කරගන්න.
පිටි කළ බඩඉරිඟු >>
බඩඉරිඟු පිටිවලින් රසවත් ආහාර සෑහෙන ප්‍රමාණයක් සාදාගත හැකියි.
අග්ගලා, රොටී යනාදිය ඉන් විශේෂයි.
ගුණදායි නිසාම කුඩා දරුවන්ටත් යෝග්‍ය ආහාරයක් බඩඉරිඟු කියන්නේ.
ඉරිඟු සලාද >>
බෝල් එකක් ගෙන තම්බන ලද ඉරිඟු ටිකක් දාගන්න.
ඊට බෙල්පෙපර්, ලූණු, තක්කාලි, පිපිඤ්ඤා, කැරට් සහ රස අනුව ලුණු ගම්මිරිස්කුඩු එකතු කරන්න.
විනාකිරි ද එකතු කළ හැකියි.
අනතුරුව මේ සියල්ල හොඳින් කලවම් කරගන්න.
හැමදාම කන සලාද වෙනුවට ඉරිඟු සලාදය වෙනස්ම රහක් ගෙනේවි…