හසීනා යළි බංග්ලාදේශයට?

හසීනා යළි බංග්ලාදේශයට?

නෙරපා හරින ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා නැවතත් බංග්ලාදේශයේ අගමැතිනිය ලෙස රටට පැමිණෙන බව හසීනාගේ සහ එක්සත් ජනපද අවාමි ලීගයේ උප සභාපති රබ්බි අලාම්ගේ සමීප සහායිකාවක් පවසයි.

ඒ පිළිබඳව පවසමින් ඔවුන් බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යූනුස්ගෙන් ඉල්ලා සිටින්නේ හසීනාට නැවතත් ඇයගේ තැන ලබාදී පැමිණි තැනට ආපසු යන්න යනුවෙනි.

විශ්ලේෂකයෝ බංග්ලාදේශය පිළිබඳව අදහස් පල කරන්නේ එහි වත්මන් තත්ත්වය පිළිබඳව කනස්සල්ලෙනි.

ඔවුන් පවසන්නේ බංග්ලාදේශය ප්‍රහාරයකට ලක්ව ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාව විසින් එයට විසඳුම් සෙවිය යුතු බවයි. එය දේශපාලන නැගිටීමක් වනවානන් වඩා හොඳය. නමුත් බංග්ලාදේශයේ සිදුවෙමින් පවතින්නේ ත්‍රස්තවාදී නැගිටීමක් බව ඔවුහු පෙන්වා දෙති.

බොහෝ බංග්ලාදේශ නායකයයෝ ඉන්දියාවේ රැකවරණය ලබති. බංග්ලාදේශයේ අලාම් ෂෙයික් හසීනාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට සහ අගමැති නරේන්ද්‍ර මෝදිට කෘතඥතාව පළ කර තිබේ. ඒ “අපේ නායකයින් බොහෝ දෙනෙකුට ඉන්දියාවේ රැකවරණය ලැබෙනවා. ඒ වගේම මේ සැලැස්ම ලබා දීම ගැන අපි ඉන්දීය රජයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අපේ අගමැතිනි ෂෙයික් හසීනාට ආරක්ෂිත ගමන් මාර්ගයක් ලබා දීම ගැන අගමැති නරේන්ද්‍ර මෝදිටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒවගේම අපි ඉන්දීය ජනතාවටත් ස්තූතිවන්ත වෙනවා” යනුවෙන් පවසමිනි.

සඳුනි තිලකරත්න

Share This