හවස තේ වෙලාවට රසම රස පාන් Pizza එකක් හදමුද

හවස තේ වෙලාවට රසම රස පාන් Pizza එකක් හදමුද

මේ වැස්ස දවස්වල පොඩි පොඩි බඩගිනි එහෙම එනවා වැඩියි නේද.

නිතර නිතර එන ඒ පොඩි බඩගිනි නිවන්න අපි අරන් ආවා රසම රස කෙටි කෑමක් ගැන ඔත්තුවක්.

ඒ තමයි ‘පාන් Pizza’

රස විතරක් නෙවෙයි, විශේෂම කාරණය මේ පාන් Pizza හදාගන්න ඔබට යන්නේ සුළු වෙලාවක් සහ සීමිත අමුද්‍රව්‍ය කිහිපයක් වීම. ඒ විතරක් නෙවෙයි, වැඩෙත් ලේසියි.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පෙති කීපයක්
  • තක්කාලි සෝස්
  • කුඩාවට කපාගත් කුකුල් මස්
  • කැරට්
  • ගෝවා
  • මොසරැල්ලා චීස්
  • ලුණු ස්වල්පයක්
  • ගම්මිරිස් ස්වල්පයක්
  • සුදු ලූණු සහ අමු මිරිස්

සාදන ආකාරය :

  • පළමුව එළවළු හොඳින් සෝදා කුඩාවට කපාගන්න.
  • බටර් ස්වල්පයක් රත්වෙන්න තබා කුඩාවට කපාගත් කුකුළු මස් කැබලි හොඳින් බැදගන්න.
  • ටික වේලාවකින් ඊට සුදු ලූණු, අමු මිරිස් සහ එළවළු ද එකතු කරගන්න.
  • පසුව ලුණු සහ ගම්මිරිස් රස අනුව එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • එය හොඳින් පිසුණු පසු ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.
  • අනතුරුව පාන් පෙතිවල එක් පැත්තක් යාන්තමට ටෝස්ට් කරගන්න.
  • ඒවායෙහි මතුපිට සෝස් තවරාගන්න.
  • ඒ මතට කලින් සාදාගත් මිශ්‍රණය තට්ටුවක් ආකාරයෙන් තබා ඊට උඩින් චීස් දමාගන්න.
  • අවසානයේ මද උෂ්ණත්වය සහිත උඳුනක සාදා ගත් පාන් Pizza පෙති බේක් කරගන්න.
Share This