හවස තුනෙන් පසු AC අක්‍රිය කරන්න
සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතන වල වායු සමීකරණ යන්ත්‍ර පස්වරු 3න් පසුව අක්‍රීය කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඉන්ධන හා බලශක්තිය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සඳහන් කරනවා. මෙම ක්‍රමවේදය පෞද්ගලික අංශයද අනුගමනය කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කරනවා.
