හරිනිට එරෙහි විශ්වාසභංගයේ වැඩ හරි

(නිමල් දයාරත්න)
අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් තැබූහ.
ඊයේ (07දා) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ඔවුහු මෙම විශ්වාසභංගයට අත්සන් තැබූහ.
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම හේතුවෙන් හරිනි අමරසූරියට එරෙහිව මෙලෙස විශ්වාසභංගය යෝජනාවක් අත්සන් කර තිබේ.
විශ්වාසභංග යෝජනාවට පළමුවෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්සන් තබන ලදී.
