හන්තානේ අතරමං වු සිසුන් පිරිසක් බේරාගෙන
විනෝද චාරිකාවක් සඳහා හන්තාන කන්ද නැරඹීමට ගොස් අතරමං වී සිටි සිසුන් පිරිසක් නිරුපද්‍රිතව මුදා ගැනීමට යුද හමුදාව සමත්වී තිබෙනවා.
මෙලෙස බේරගෙන ඇත්තේ, වයස අවුරුදු 16ත් 17ත් අතර පසු වන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙක්.
මෙම පිරිස නුවර ප්‍රදේශයට පැමිණ හන්තාන කන්ද නැරඹිම සඳහා එය තරණය කර ඇති බව සඳහන්.
එහිදී කන්දේ අනාරක්ෂිත ප්‍රදේශයක් නැරඹිමට ගොස් එක් අයෙකුගේ කකුලේ ඇති වු මස්පිඩු පෙරලිමක් සිදුවී තිබෙනවා.
පැවති මීදුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසුවී නැවත පැමිණිමට නොහැකිව අතරමං වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ පිළිබඳව යුද්ධ හමුදාවේ භට පිරිස් වෙත සැලවීමෙන් පසු එම පිරිස ආරක්ෂිතව මුදවා ගැනීමට 111 බලසේනා මුලස්ථානය හා 2 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මෙහෙයුමක් ආරම්භ කළා.
ඒ අනුව රාත්‍රි 08 ට පමණ මෙම සිසුන් මුදවා ගැනීම ආරම්භ කර ඇති අතර, අලුයම් කාලය වන විට එම සිසු පිරිස ආරක්ෂිතව පහලට රැගෙන ඒමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කර ඇති බව සඳහන්.