හදවත් රෝගී දරුවන් 50කට ඉන්දියාවේදී සැත්කම්

හදවත් රෝගී දරුවන් 50කට ඉන්දියාවේදී සැත්කම්

මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනකු සඳහා ඉන්දියාවේ කොචින් හි පිහිටි අම්රිතා රෝහල තුළ දී හදවත් සැත්කම් සිදුකිරීමේ ව්‍යාපෘති ගිවිසුමක් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී අත්සන් කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය හා බටහිර කොළඹ රොටරි සමාජය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හා බටහිර කොළඹ රොටරි සමාජයේ සභාපති කේ. නාගරාජා ඊට අත්සන් තැබූහ.
දහසකට අධික හදවත් රෝගී දරුවන් පිරිසක් සැත්කම් සඳහා මෙරට පෙරොත්තු ලේඛනවල සිටින අතර හදවත් සැත්කම් සිදුකිරීමේ පහසුකම් මෙරට පැවැතිය ද හදිසි හදවත් සැත්කම් ඇතුළු පොරොත්තු ලේඛන අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් අතරින් ප්‍රමුඛතාව මත මේ සඳහා යොමු කරන අතර රෝගීන් රෝග නිර්නායක මත තෝරා ගැනීම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් සිදුකරනු ඇත.
මෙහි පළමු අදියට යටතේ මීට වසර දෙකකට ඉහත දී මෙරට හදවත් හදවත් රෝගී දරුවන් 60 දෙනකු සඳහා සාර්ථකව සත්කම් සිදුකර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර ඒ සාර්ථකත්වය අනුව දෙවන පියවර ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ මෙරට වෙද්‍යවරු සහ හෙදියන් ද පුහුණුව සඳහා ඉන්දියාවේ කොචිහි අම්රිතා රෝහල වෙත යොමුකරන අතර අම්රිතා රෝහලේ වෛද්‍ය ඇතුළු කාර්ය මණ්ඩල මෙරට පැමිණ ගර්භාෂයේදීම හදවත් රෝගී දරුවන් හඳුනා ගැනීම සඳහා පුහුණු වැඩසටහනක් ද ක්‍රියාත්මකය.

Share This