හදපු චිත්‍රපටයක් නැහැ ඒත් කෝටියක් ගෙවලා

උතුරු මැද පළාත් සභාව සංචාරක ප්‍රවර්ධනයට චිත්‍රපටයක් හදන්න රුපියල් කෝටියක් ගෙවලා.
– කෝපා කමිටුවෙන් CID යට පැමිණිලි
උතුරු මැද පළාත් සභාව 2011- 2012 කාලයේදී උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුණාත්මක වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ගත් තීරණයකට අනුව පෞද්ගලික සමාගමකට රුපියල් කෝටි 1.214ක් පිරිනමා ඇත.
එහෙතු් එම මුදල වැය කරමින් සකසන ලද කිසිදු චිත්‍රපටයක් සොයා ගැනීමට නොමැති බවද රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.
මෙම චිත්‍රපටය නිෂ්පාදනයට කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ රුපියල් 15,797,500 කට වන අතර එයින් ඉහත සඳහන් මුදල පමණක් ගෙවා ඇති බවද අනාවරණය විය.
අදාල කොන්ත්‍රාත් සමාගම විසින් කිසිදු වීඩියෝවක් භාර දී නොමැති වීම පිළිබඳව විමසා බැලීමට එම සමාගම සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ බව පළාත් සභාවේ නිලධාරීහු කෝපා කමිටුවේදි ප්‍රකාශ කළහ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස කමිටුව විසින් උපදෙස් දෙන ලදී.

Share This