හක්කපටස් කෑ අලි පැටවා බේරා ගැනීමට මෙහෙයුමක්

(ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය)
මැදවච්චියල යකාවැව ප්‍රදේශයේ දින කිහිපයක සිට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ වයස අවුරුදු 5ක් පමණ වන වන අලි පැටවෙකු බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීයග හක්කපටස් වර්ගයේ පුපුරණ ද්‍රව්‍යයක් ආහාරයට ගැනීම හේතුවෙන් මෙම අලි පැටවා දැඩි ලෙස රෝගාතුරව සිටි බව අනාවරණය වී ඇතග
හක්කපටස් පිපිරීමෙන් අලි පැටවාගේ මුඛයට බරපතළ තුවාල සිදුවී ඇති අතරල ඒ හේතුවෙන් දින ගණනාවක සිට ආහාර හෝ ජලය ලබා ගැනීමට නොහැකිව සත්වයා දැඩි ලෙස දුර්වල වී සිට තිබේග මීට අමතරව අලි පැටවාගේ සිරුරේ වෙඩි වැදීමකින් සිදුවූ තුවාලද නිරීක්ෂණය වූ බව වනජීවී නිලධාරීහු පවසතිග
අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශුවෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති මෙනවිය ඇතුළු කණ්ඩායම සහ මැදවච්චිය වනජීවී නිලධාරීන් එක්ව අලි පැටවා නිර්වින්දනය කර ප්‍රතිකාර ලබාදීම ආරම්භ කරන ලදීග නිලධාරීන් දැඩි වෙහෙසක් දරමින් අසාධ්‍ය තත්ත්වයේ සිටි සත්වයාට අවශ්‍ය ඖෂධ සහ සේලයින් ලබාදීමට කටයුතු කළහග
ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සත්වයා යථා තත්ත්වයට පත්වෙමින් සිටියදීල බලාපොරොත්තු නොවූ අයුරින් අලි පැටවා විසින් තමන්ට ප්‍රතිකාර කළ වනජීවී නිලධාරීන් පසුපස පන්නාගෙන විත් ඇති බව වාර්තා වේග කෙසේ වෙතත් නිලධාරීන්ගේ දැඩි පරිශ්‍රමය හේතුවෙන් සත්වයාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය මූලික ප්‍රතිකාර සාර්ථකව නිම කිරීමට හැකි විය
